Heading
ජාත්‍යන්තර
2025-07-31 8:23 am • Views: 34

ට්‍රම්ප් දකුණු කොරියාවට පනවා තිබූ තීරු බද්ද 15% දක්වා අඩු කරයි.

ට්‍රම්ප් දකුණු කොරියාවට පනවා තිබූ තීරු බද්ද 15% දක්වා අඩු කරයි. 

දකුණු කොරියාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සදහා 15% ක තීරු බද්දක් අයකරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, දකුණු කොරියාව සමඟ සාර්ථක වෙළද ගිවිසුමකට එළැඹීමට හැකි වූ බවයි. 

දකු-ණු කොරියාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සදහා 25% ක තීරු බද්දක් පැනවීමට ට්‍රම්ප් පරිපාලනය මීට පෙර යෝජනා කර තිබුණි. 

සිය ප්‍රධාන තරඟකරුවා වන ජපානය මත පනවා තිබෙන තීරු බද්ද 15% දක්වා අඩු කිරීමට ට්‍රම්ප් එකඟ වීමෙන් පසුව, එක්සත් ජනපදය සමඟ සාකච්ඡා නව වටයකින් ආරම්භ කිරීමට දකුණු කොරියාව යුහුසුළු විය. 

25% ක් වූ තීරු බද්ද 15% දක්වා අඩුකර ගැනීමට ඔවුන්ට හැකි වූවේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

ගණුදෙනුව සාර්ථක වී ඇත්තේ, ඩොලර් බිලියන 264.1 ක ආයෝජනයක් එක්සත් ජනපදය තුළ සිදු කිරීමට දකුණු කොරියාව එකඟ වීමත් සමගයි.  


Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න