Heading
දේශීය
2025-09-29 12:59 pm • Views: 403

අල්ලස් නඩුවක තීන්දුව ප්‍රකාශ කරයි. චීනයේ හිටපු කෘෂිකර්ම ඇමතිට ජීවිතාන්ත සිරදඩුවම්..!

අල්ලස් නඩුවක තීන්දුව ප්‍රකාශ කරයි.  චීනයේ හිටපු කෘෂිකර්ම ඇමතිට ජීවිතාන්ත සිරදඩුවම්..!  

චීනයේ හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයෙකුට එරෙහිව, එරට අධිකරණයක් මරණ දඩුවම නියම කර තිබේ. 

චීනයේ පවතින සම්ප්‍රදාය අනුව, එසේ ලබා දෙන මරණ දඩුවම අවුරුදු දෙකකට කල් තබන අතර, එම අවුරුදු දෙක ඇතුළත අදාල පුද්ගලයා තවත් බරපතල වංචාවක් සිදුකළහොත් පමණක් මරණ දඩුවම ක්‍රියාත්මක කරයි. 

එසේ නොවන්නේ නම්, වසර දෙකකට පසුව, මරණ දඩුවම නිතැතින්ම ජීවිතාන්ත සිරදඩුවමක් බවට පරිවර්තනය වේ. 

දඩුවමට යටත්ව ඇති කෘෂිකර්ම හා ග්‍රාම සංවර්ධන අමාත්‍යවරයා වන්නේ, ටෑන්ග් රෙන්ජියාන් ය. ඔහු බලය අවභාවිතා කරමින් දූෂිත භාවිතාවක යෙදී ඇති බව පැවසෙන්නේ  2007-2024 අතර කාලයේ දී ය. 

2024 වසරේ මැයි මාසයේ දී ඔහුට එරෙහි විමර්ශන අරඹා ඇති බව චීන කොමියුනිස්ට් පක්ෂයේ දූෂණ විරෝධී නිරීක්ෂණ ආයතනය නිවේදනය කර තිබුණි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න