Heading
දේශීය
2025-10-10 6:55 am • Views: 677

නඩු දානවා කිව්වත් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රනිල්ගෙන් සී.අයි.ඩීයට තාමත් නඩු නෑ..!

නඩු දානවා කිව්වත් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රනිල්ගෙන් සී.අයි.ඩීයට තාමත් නඩු නෑ..!

මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පසුගිය අගෝස්තු 22 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබී ය. 

අත්අඩංගුවට ගනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා,  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, අගෝස්තු මාසයේ 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස, අධිකරණය නියෝග කළේ ය. 

මෙම අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ඔහුට හිතවත් සෑම පාර්ශ්වයක්ම වාගේ චෝදනා කලේ ය. 

ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතා විසින් එකී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ඇතැයි පැවසූවද, මේ දක්වා එවැන්නක් සිදුව නැති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මසක් තුළ ගොනු කළ යුතුව ඇති බව පුවත්පත අවධාරණය කරයි. 

මාසයක කාලය සැප්තැම්බර් 22 (ඔහු අත්අඩංගුවට ගත් දිනයේ සිට මාසයක් ගෙවන දිනය) හෝ සැප්තැම්බර් 26 (ඇප මත මුදා හැරිය දිනය) වනදායින් අවසන් වේ. 

 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න