හිටපු ජනපති රනිල්ට අධිචෝදනා ගොනු කිරීම;
නීතිපති දෙපාර්තමේන්තුවේ මත දෙකක්...!
සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
මහජන මුදල් රුපියල් ලක්ෂ 160 ට ආසන්න මුදලක් අවභාවිතා කරමින් සිදු කර ඇති බව කියන බ්රිතාන්ය සංචාරයට අදාලව, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ මත දෙකක් ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රනිල්ට එරෙහි විමර්ශනය අධීක්ෂණය කරමින් සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් අදාල වගකීමෙන් ඉවත්ව ඇති බව පැවසේ.
නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතාගේ අදහස වී ඇත්තේ මෙම නඩුව සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව චෝදනා එල්ල කිරීමට ප්රමාණවත් සාක්ෂි විමර්ශනවලින් හෙලි වී නොමැති බවයි.
කෙසේ වෙතත් අදාල විමර්ශනය හා සම්බන්ධ ප්රධාන අධීක්ෂණ නිළධාරියා වන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතගේ අදහස වී තිබෙන්නේ පවතින සාක්ෂි මත පදනම්ව රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකි බවයි.
විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිළධාරීන්ද දිලීප පීරිස් මහතාගේ අදහස සමඟ එකඟ බව පුවත්පත වැඩි දුරටත් වාර්තා කරයි.