
Rebuilding Sri Lanka
ජාතික වැඩ සටහන
ජනපතිගේ ප්රධානත්වයෙන්
අද ආරම්භ වේ.
වැඩසටහන මෙහෙයවීමේ වගකීම
අගමැතිනියටයි.
දිත්වා සුළි කුණාටුවේ බලපෑමට යටත් වූ රට යළි ගොඩ නැගීමේ අරමුණ පෙරදැරිව දියත් කර තිබෙන “රී බිලඩින් ශ්රී ලංකා” ජාතික වැඩ සටහන, ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්, බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අද දිනයේ දී දියත් කිරීමට නියමිත ය.
රීබිල්ඩින් ශ්රී ලංකා වැඩසටහන වෙනුවෙන් ජනාධිපති අනුර කු-මාර දිසානායක මහතා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ.
එම ජනාධිපති කාර්ය සාධක බලකායට නායකත්වය දෙන්නේ අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මියයි.
ආපදාවේ බලපෑමට අදාල දත්ත රැස් කිරීම, යටිතල පහසුකම් ප්රතිසංස්කරණය කිරීම, නිවාස අළුත් වැඩියාව ඇතුළුව සුළිකුණාටුවේ බලපෑමට ලක් වූ ප්රජාවන්ට අවශ්ය සහන ලබා දීම, කුණාටුවේ බලපෑමට ලක් වූ ව්යාපාර සදහා සහන ලබා දීම, අධ්යාපන - සෞඛ්ය - ජලය හා සනීපාරක්ෂක ආදී සේවා පිළිබදව සොයා බැලීම ආදී වශයෙන් වූ එකිනෙකට වෙනස් අංශ සදහා වන වෙන වෙනම කමිටු හයක්, මෙකී ජනාධිපති කාර්ය සාධක බලකාය තුළ ස්ථාපිත කර තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2026-01-12 3:25 am
|
| Heading |
|---|
|
2026-01-12 10:36 am
|
| Heading |
|---|
|
2026-01-08 4:34 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|