Heading
දේශීය
2024-09-28 9:55 am

"ධූරය භාරගත් සැනින් ඊ වීසා අර්බුදය විසදුවාට ස්තුතියි..!" ජනපතිට සහ ඇමති විජිතට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් පැසසුම්.

"ධූරය භාරගත් සැනින් ඊ වීසා අර්බුදය විසදුවාට ස්තුතියි..!" ජනපතිට සහ ඇමති විජිතට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් පැසසුම්.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මහත් අහිතකර බලපෑමක් ඇති කරමින් තිබුණු ගැටළුවක්, ඔවුන් සිය ධූරය භාරගෙන පැය කිහිපයක් ගතවීමටත් පෙර විසදීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා හෝටල්  සංගමය සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය ජනාධිපති අනුර දිසානායක මහතාටත්, අමාත්‍ය විජිත හේරත් මහතාටත් සිය ස්තුතිය පුදකර සිටියි. 

කිසිදු අර්බුදයක් නොමැතිව, කලාපයේ ඉහළම කාර්යක්ෂමතාවයකින් යුතුව ක්‍රියාත්මක වූ ඊ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය, 2024 අප්‍රේල් මාසයේ දී වී.එෆ්.එස් සමාගමට ලබා දීමත් සමඟ සංචාරක කර්මාන්තයට එය ඉතා අහිතකර ලෙස බලපෑ බව ඉහත සංගම් පවසයි. 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තමන් සහ තවත් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු වී.එෆ්.එස් වීසා මගඩියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබා ගත් නමුත්, පැවති රජය එම අධිකරණ නියෝගයට අවනත වීම හිතා මතාම නොතකා හැර තිබුණි. 

අනුරකුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් වීමත්, ඒ සමඟම අදාල විෂය භාර අමාත්‍යවරයා ලෙස විජිත හේරත් මහතා පත් වීමත් සමගම - මාස කිහිපයක් තිස්සේ විසදුමකින් තොරව ඇදී යමින් තිබුණු අර්බුදය විසදීමට ඔවුන් පියවර ගෙන තිබීම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ඉමහත් පැසසුමට හේතු වී තිබේ. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න