Heading
දේශීය
2025-03-11 12:03 pm • Views: 472

“අපි ජාතිවාදී නෑ..!මුස්ලිම් මෘත දේහ බලහත්කාරයෙන් ආදාහනය කරනවාට මම එදා දැඩිව විරුද්ධ වුනා..!” චන්න ජයසුමන.

“අපි ජාතිවාදී නෑ..!මුස්ලිම් මෘත දේහ බලහත්කාරයෙන් ආදාහනය කරනවාට මම එදා දැඩිව විරුද්ධ වුනා..!” චන්න ජයසුමන.  

කොවිඩ් වසංගත සමයේ දී, වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතික පුද්ගලයන්ගේ මෘතදේහ, ඔවුන්ගේ ආගමික විශ්වාසයට පටහැනිව යමින්, බලහත්කාරයෙන් ආදාහනය කිරීමට ගත් තීරණයට තමන් එදා එක හෙලාම විරුද්ධ වූ බව චන්න ජයසුමන පවසයි. 

චන්න ජයසුමන එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ රජයේ කැබිනට් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළේ ය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා, කෝවිඩ් ආසාධිත මෘත දේහ භූම දානය කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වීමේ කිසිදු අවධානමක් නැති බව නිවේදනය කර තිබිය දී ත්, එවකට පැවති රජය ඒ සදහා ඉඩ ලබා දුන්නේ නැත. 

ඊයේ පැවති, දෙරණ 360 සංවාදාත්මක වැඩසටහනට සහභාගී වෙමින් චන්න ජයසුමන පවසා සිටියේ, කොවිඩ් වෛරසය, එම වෛරය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් භූමදානය කිරීමෙන් ව්‍යාප්ත නොවන බව විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති තමන් එවකටම දැන සිටි බවයි.  

කෙසේ වෙතත්, කොවිඩ් වෛරසය ආසාදනය වී මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට ඉඩ දුනහොත් ඉන් ජාතිවාදී ගැටුමක් රට තුළ නිර්මාණය විය හැකි බවට බුද්ධි අංශය වාර්තා කර තිබුණු බව ඔහු දෙරණ 360 ට එක් වෙමින් පැවසී ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න