Heading
දේශීය
2025-03-12 11:47 am • Views: 473

“සැකකරු අත්අඩංගුවට ගත්තත්, හෙට උදෑසන අට දක්වා සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මකයි..!” රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

“සැකකරු අත්අඩංගුවට ගත්තත්, හෙට උදෑසන අට දක්වා සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මකයි..!” රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටිය දී දරුණු ලිංගික අතවරයකට මුහුණ දුන් වෛද්‍යවරියට සිය සහයෝගය පළ කිරීම සදහා, අද උදෑසට අටට ආරම්භ කළ  සංකේත වැඩ වර්ජදනය අඛණ්ඩව හෙට උදෑසනට අට දක්වා  දියත් කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. 

එම සංගමය ඊයේ දිනයේ දී ප්‍රකාශ කර තිබුණේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා අද උදෑසන අට දක්වා කල් ලබා දෙන බවයි. උදෑසන අට වන විටත් සැකකරු අත්අඩංගුවට ගැනීමට බලධාරීන් අපොහොසත් වුවහොත් වැඩ වර්ජනය දියත් කරන බව ඔවුන් වැඩි දුරටත් පැවසී ය. 

පොලිසිය මේ වන විට  අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

නමුත්, සිය සහෝදර වෛද්‍යවරියට සහයෝගය පළ කිරීම සදහා වැඩ වර්ජනය හෙට උදෑසන අට දක්වා අඛණ්ඩව දියත් කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනය කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න