අක්ෂිකාච එන්නත් සහ ශල්‍ය උපකරණ නෑ.
පෙනීම ලබාගත හැකි එක්ලක්ෂ පනස් දහසක් පමණ
පෙනීම නොලබා ජීවත් වෙති.
යළි පෙනීම ලබා ගැනීමේ හැකියාව ඇති පුද්ගලයන් එක්ලක්ෂ පනස් දහසක් පමණ ඒ සදහා අවශ්‍ය අක්ෂි කාච එන්නත් සහ අනෙකුත් ශල්‍ය උපකරණ නොමැති වීම හේතුවෙන් පෙනීම ලබා ගැනීමට නොහැකිව ජීවත් වන බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස් ගුණතිලක මහතා උපුටා දක්වමින් අද අරුණ පුවත්පත වාර්තා කර තිබේ.
ඩොලර් අර්බුදය හේතුවෙන් මේ වන විට අක්ෂි කාච මෙරටට ගෙන්වීම නවතා දමා ඇති බව පුවත්පත වාර්තා කරයි.
මේ මාසයේ පමණක් ජාතික අක්ෂි රෝහලේ පොරොත්තු ලේඛනයේ අක්ෂි සැත්කම් සදහා පන්සිය දෙනෙකු සිටින බව පැවසේ.
දැනට අක්ෂි රෝහල තුළ භාවිතා කරනු ලබන්නේ විවිධ පුද්ගලයන් විසින් පරිත්‍යාග ලෙස ලබා දී තිබෙන අක්ෂි කාච එන්නත් හා ශල්‍ය උපකරණ බවද අදාල වෛද්‍යවරයා පවසා තිබේ