අගෝස්තුවේ අපනයන ආදායම
ඩොලර් බිලියනය ඉක්මවයි.
නමුත් පසුගිය වසරේ ඔක්තෝබරය හා සැසදීමේ දී
එය 11%ක පහත වැටීමක්.
මේ වසරේ අගෝස්තු මාසයේ සමස්ත වෙළද භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා තිබේ. ජූලි මාසයට සාපේක්ෂව එය යම් වර්ධනයක් පෙන්නුම් කළද, පසුගිය වසරේ අගෝස්තු මාසය හා සසදා බැලීමේ දී 11% ක පහත වැටීමකි.
වැඩිම අපනයන ආදායමක් රටට උපයා දෙන ඇගළුම් ක්ෂේත්‍රයේ පහත වැටීම මේ තත්ත්වයට බලපා තිබේ.
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඊයේ නිකුත් කර තිබෙන දත්ත අනුව, අගෝස්තු මාසය සදහා ඇමරිකානු ඩොලර් බිලියන 1.09 ක අපනයන ආදායමක් ශ්‍රී ලංකාව උපයා තිබේ.
ඇගළුම් අපනයන ආදායම, පසුගිය වසරේ අගෝස්තුව හා සසදා බැලීමේ දී 23.06% කින් පහත වැටී ඇති අතර, ඇගළුම් මගින් අගෝස්තුවේ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 434.98 කි.
2022 වසරේ දී, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපීය සංගමයට ඇගළුම් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5.22 ක ආදායමක් ශ්‍රී ලංකාව උපයා තිබේ. මේ වසරේ දී එය ඩොලර් බිලියනයකින් පමණ අඩුවිය හැකි බව ඇගළුම් අපනයන කරුවෝ පවසති.
මේ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂි අපනයනයන වන තේ, රබර් සහ පොල් අපනයනයද සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබේ.