අගෝස්තුවේ ජනමතය;
අනුර ඉහළට.
සජිත් පහළට.
රනිල් ස්ථාවරයි.
ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් පොලිසි Institute For Health Policy හෙවත් අයි.එච්.පී IHP ආයතනය විසින් අඛණ්ඩව කරගෙන එනු ලබන සමීක්ෂණයට අනුව, අගෝස්තු මාසය තුළ දී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය සාපේක්ෂ වශයෙන් ඉහළ ගොස් තිබේ.
සංඛ්‍යාත්මකව ගණනය කළ විට, ජූලි මාසයේ ඔහුගේ ජනප්‍රියත්වය පැවතියේ – 44 ය. අගෝස්තුවේ එය – 28 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊට ප්‍රතිවිරුද්ධව, අගෝස්තු මාසයේ දී සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියත්වය පිරිහීමකට ලක්ව තිබේ.
ජූලි මාසයේ ඔහුගේ ජනප්‍රියත්වය – 44 ක් වූ අතර, අගෝස්තුවේ එය – 58 දක්වා අඩු වී තිබේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනප්‍රියත්වය, අගෝස්තුවේත් නොවෙනස්ව පවතී. ජූලි මාසයේ එය 46 ක් වූ අතර, අගෝස්තුවේ දී ද නොවෙනස්ව එම අගයම ගනී.
ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් පොලිසි ආයතනය ස්වාධීන සමීක්ෂණ ආයතනයකි. ආචාර්ය රවී රණන්එළිය මහතා මෙම සමීක්ෂණ ආයතනයේ ප්‍රධානියා වේ.
