අගෝස්තුවේ සංචාරකයෝ 136,405 ක් පැමිණෙති. වසරේ මුල් මාස අට තුළ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව නම ලක්ෂය ඉක්මවති.

0
221

අගෝස්තුවේ සංචාරකයෝ
136,405 ක් පැමිණෙති.
වසරේ මුල් මාස අට තුළ
පැමිණි සංචාරකයන් සංඛ්‍යාව
නම ලක්ෂය ඉක්මවති.


අගෝස්තු මාසය තුළ, විදේශීය සංචාරකයන් එක්ලක්ෂ තිස් හය දහස් හාරසිය පස් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

කෙසේ වෙතත්, එම සංඛ්‍යාව, ඔවුන් අපේක්ෂා කර තිබුණු ප්‍රමාණයට වඩා අඩු අගයකි.

සංචාරක සංවර්ධන අධිකාරිය ගණන් බලා තිබුණු ආකාරයට, අගෝස්තු මාසය තුළ සංචාරකයන් එක් ලක්ෂ හතලිස් නමදහස් හැත්තෑවක් පැමිණිය යුතුව තිබුණි.

මාසයේ අග භාගය වන විට දෛනික සංචාරක පැමිණීම අඩුවීම හේතුවෙන් එම ඉලක්කය කරා පැමිණීමට නොහැකි වූ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව, ජූලි මාසයේ පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාවට වඩා අඩු අගයක් ගැනීම විශේෂ තත්ත්වයකි.
ජූලි මාසයේ විදේශීය සංචාරකයෝ 143,039 ක් දිවයිනට පැමිණ තිබුණි. එය මේ වසරේ එක් මාසයක් තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි මාසයයි.
2019 වසරට පසුව, වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර බවට මේ වන විටත් මේ වසර පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 3 =