‘අඩියක් පස්සට ගන්නෑ කියපු ආණ්ඩුව
අඩි දෙක තුනක්ම පස්සට අරන්…!
දැන් අපිට සාකච්ඡාවකට එන්නලු..!’
වෘත්තීය සමිති එකමුතුව කියයි.
ජනාධිපති ලේකම්ගෙන් ලිපියක් ලැබී ඇති බවත්, වෘත්තීය සමිති එකමුතුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබදව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සූදානම් බව එම ලිපියෙන් දැනුම් දී ඇති බව අද දිනයේ ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වී සිටින වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව නිවේදනය කරයි.
ඒ අනුව, මේ වන විට පවත්වාගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගයන්ගේ තීව්‍රතාවය අඩු කිරීමට වෘත්තීය සමිති එකමුතුව ඒකමතිකව තීරණය කළ බව එම සංගමය පවසයි.
ආරම්භයේ දී එක අඩියක් හෝ පස්සට නොතබන බව කී ආණ්ඩුව අඩි කිහිපයක්ම පස්සට ගැනීමට සූදානම් බව දැනුම් දී ඇති බැවින් හෙට උදෑසන අටින් සිය වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.