‘අත්අඩංගුවට ගැනීමේ මුවාවෙන් සිදු කරන පැහැරගෙන යෑම් වහා නවත්වන්න.’ නීතීඥ සංගමය පොලිස්පතිවරයාට අවධාරණය කරයි.

0
389

‘අත්අඩංගුවට ගැනීමේ මුවාවෙන් සිදු කරන
පැහැරගෙන යෑම් වහා නවත්වන්න.’
නීතීඥ සංගමය පොලිස්පතිවරයාට අවධාරණය කරයි.

සියළු අත්අඩංගුවට ගැනීම් නීතියෙන් ලබා දී තිබෙන ප්‍රතිපාදනයන්ට අනුකූලව සිදුකරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

පැහැරගැනීම්වලට සමාන ආකාරයෙන් සිදුකර තිබෙන අත් අඩංගුවට ගැනීමේ සිදුවීම් රැසක් පිළිබදව සිය සාමාජිකයන්ගෙන් තම සංගමයට පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

සිවිල් ඇදුමින් සැරසුණු – අනන්‍යතාවය හෙළි නොකරන පුද්ගලයන් – හදුනානොගත් වාහනවලින් පැමිණ සිදු කර තිබෙන අත් අඩංගුවට ගැනීම් රැසක් පිළිබදව වාර්තා වී ඇති බව පවසන නීතීඥ සංගමය එසේ පැහැරගනු ලබන පුද්ගලයන් කවුරුන් කොහේ ගෙන ගියාදැයි පැය ගණනාවක් යනතුරු සොයා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවද පවසයි.

මෙසේ අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයන්ට නීතීඥ සහාය හෝ මානව හිමිකම් කොමිසමට ප්‍රවේශ වීමේ මාර්ග අවහිර කර තිබෙන බවද නීතීඥ සංගමය චෝදනා කරයි.

එබැවින් සියළු අත් අඩංගුවට ගැනීම නීත්‍යනුකූලව සිදු කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =