අත්අඩංගුවට පත්වන අරගලකරුවන් තනි නොකරන බවට නීතීඥයෝ ප‍්‍රතිඥා දෙති…!

0
623

අත්අඩංගුවට පත්වන අරගලකරුවන්
තනි නොකරන බවට
නීතීඥයෝ ප‍්‍රතිඥා දෙති…!


අත්අඩංගුවට පත්වන අරගලකරුවන් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවට වූ ප‍්‍රතිඥාවකට නීතීඥ කණ්ඩායමක් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

අරගලකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවල දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවාට අමතරව, අරගලකරුවන් වෙනුවෙන් මානව හිමිකම් කොමිසම සහ පොලිස් කොමිසම වැනි ස්ථාපිත ආයතන සමග සම්බන්ධ වන බවටද ඔවුන් මෙම ප‍්‍රතිඥාවේ දී පොරොන්දු වේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් වී මේ වන විට දින 14 ගෙවී ඇති අතර, ඒ නක කාලය තුළ මේ දක්වා අරගලකරුවන් 44 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව නීතීඥයෝ පවසති.

ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතාද මෙම ප‍්‍රතිඥාවට අත්සන් තබා ඇති නීතීඥවරයෙකි.

මේ පිළිබදව වැඩිදුර වාර්තාවක් නුදුරේදීම හෙඞ්ලයින් නිවුස් වෙතින් බලාපොරොත්තු වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − five =