අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීමට
මානව හිමිකම් කොමිසම නිළධාරීන් යොමු කරයි.
සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ සංවිධානය කර තිබුණු විරෝධතාවය අතරතුරු පොලිසිය විසින් විරෝධතාකරුවන් 83 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.
අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ කාන්තාවන් සිව් දෙනෙක්ද සිටිති.
සියළු පිරිස් මරදාන සහ කොම්පක්‍දක්‍දවීදිය පොලිස් ස්ථානවල රදවාගෙන සිටින බව වාර්තාවේ.
විරෝධතාකරුවන් අත් අඩංගුවට ගැනීම පිළිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැදවා තිබේ.
ඊට අදාල නියෝගය මේ වන විටත් පොලිස්පතිවරයාට යොමු කර තිබෙන බව වාර්තා වේ.
පොලිස් අත් අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ තත්ත්වය පරීක්ෂා කර බැලීම සදහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඔවුන්ගේ නිළධාරීන් යොමුකොට ඇති බව පැවසේ.