අතුරු අයවැයෙන් සෞඛ්‍යයට
වෙන්කර තිබෙන මුදල ඉතාමත්ම අඩුයි.
වෛද්‍ය සංගම් පවසයි.
ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අය වැය මගින් සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වෙන් කරන මුදල් විශාල වශයෙන් අඩු කර ඇති බවට චෝදනා එල්ල වෙයි.
මෙම චෝදනාව ඉදිරිපත් කරනු ලබන්නේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් සදහා වූ වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයයි.
ආර්ථික අර්බුදයේ බලපෑමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයත් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් ආරක්ෂා කර ගන්නා බව ජනාධිපතිවරයා මෙන්ම මහබැංකු අධිපතිවරයාද මීට පෙර පොරොන්දු වී තිබුණි. කෙසේ වෙතත් රජය කටයුතු කරමින් සිටින්නේ එම පොරොන්දු වලට පටහැනිව යැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් සදහා වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
වෛද්‍යවරු සදහා අත්‍යවශ්‍යයෙන්ම ලබා දිය යුත-ු විදේශ පුහුණුව වෙනුවෙන් ඉදිරි මාස පහක කාලයක සදහා රුපියල් බිලියනයක මුදලක් වෙන් කර දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති නමුත් මේ තත්ත්වය මත එම මුදල් ලබා දීම සැක සහිත බවයි වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ.
බොහෝ දෙනා ආර්ථික අර්බුදය බලපා ඇත්තේ විදුලිය ගෑස් සහ ඉන්ධන සැපයුමට යැයි කල්පනා කළද ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් රට තුළ උග්‍ර ඖෂධ හිගයක් මෙන්ම වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණුවද කප්පාදු කරන තත්ත්වයක් ද උදා වී ඇති බවට චෝදනා කරයි.