අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමී විරෝධතාවයට ඇති අයිතිය තහවුරු කළයුතුයි…! නවසීලන්තය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි.

0
93

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ
සාමකාමී විරෝධතාවයට ඇති අයිතිය
තහවුරු කළයුතුයි…!
නවසීලන්තය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමී විරෝධතාවයට ඇති අයිතිය ශ්‍රී ලංකා රජය විසින් තහවුරු කළ යුතුව ඇති බව නවසීලන්තය ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වී සිටින නවසීලන්ත නියෝජිතයන් විසින් මේ බව එම සමුළුවේ දී අවධාරණය කර සිටියේ ය.

සාමකාමී මහජන විරෝධතාවන්ට මුල් අවස්ථාවේ දී රජය සාමකාමී ලෙස ප්‍රතිචාර දැක්වූ බව තමන් නිරීක්ෂණය කළ බව පවසන නවසීලන්ත නියෝජිතයෝ මෑතක සිට ඒ තත්ත්වය වෙනස් වී ඇති බවද පවසයි.

මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් දේශීය වගවීමේ යාන්ත්‍රණයක් ගොඩ නගා ගැනීම සදහා මානවහිමිකම් මහකොමසාරිස්වරයා ඇතුළු අනෙකුත් පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුත- කරන ලෙස ද නවසීලන්ත නියෝජිතයන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − three =