අදින් ආරම්භ වන්නේ නව යුගයකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතාවය අපේ රටේ ආර්ථිකයේ නව යුගයක ආරම්භය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
බංකොලොත්භාවයෙන් ගොඩ ඒම සහ කිසිවෙකු අපට ණය නොදී සිටීමේ අවදානමෙන් ගැලවීමට පමණක්ම නොවේ; මේ පැමිණි එකගතාවය හේතුවෙන් අපගේ සියළු සමාජ ස්ථරයන්ගේ ආරක්ෂාව තහවුරු වීමද සිදුවනු ඇත. එමෙන් ම එය අපගේ සමාජ සහ ආර්ථික ජීවන විලාසිතාවන් තවදුරටත් පසුබෑමකට ලක් නොවනු ඇති බවටද සහතික කරනු ඇතැයි ජනාධිපතිවරයා පවසයි.
අපනයනය ඉලක්ක කර ගත් ආර්ථිකයකට වහා අප යා යුතු බව අවධාරණය කරන ජනාධිපතිවරයා බව පවසන ජනාධිපතිවරයා එහිදී සමාජ ප්‍රමිතීන් පවත්වාගෙන යාමටත් අවධානමට මුහුණ දී සිටින ජනප්‍රජාවන් රැක ගැනීමටත් කටයුතු- කරන බවද පවසයි.
ආරම්භය දුෂ්කර විය හැකි නමුත් මේ වැඩසටහන සමග ඉදිරියට යාමේ දී ප්‍රගතියක් අත්කර ගත හැකි බව ජනාධිපතිවරයා විශ්වාස කරයි.
තමන් ඉපදෙන විට ලංකාව ලොව කිසිදු රටකට ණය වී නොතිබුණු බව පවසන ජනාධිපතිවරයා ඒ අවධියේ දී ලෝක යුද්ධයට මැදි වී පීඩනයට පත්ව සිටි එක්සත් රාජධානියට පවා ණය දීමට තරම් විදේශ විනිමය සංචිත පැවති බවද පවසයි.