අද අයවැය ඡන්දවිමසීමට පසු පොහොට්ටුවට තවත් ඇමතිධූර 10 ක්.

0
380

අද අයවැය ඡන්දවිමසීමට පසු
පොහොට්ටුවට
තවත් ඇමතිධූර 10 ක්.

අයවැය තෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම අවසන් වූ වහාම තවත් අමාත්‍යධූර දහයක් හෝ හතක් පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

අද අයවැය ඡන්ද විමසීම තීරණාත්මකය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ පක්ෂ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා තිබේ.

මේ අතර තමන් කලින් ද ඉල්ලා සිටි පරිදි තවත් අමාත්‍ය ධූර දහයක් සිය පක්ෂයට ලබා දිය යුතු බව පොහොට්ටු පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

බොහෝ දුරට අයවැය තෙවනවර කියැවීමේ ඡන්ද විමසීමට පසුව අළුත් අමාත්‍යවරු පත්කිරීම සිදුවනු ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ක්‍රීඩා-බලශක්ති-වරාය-වනජීවී-සෞඛ්‍ය-වනජීවී සහ පරිසර අම්‍යංශවල වෙනස්කම් සිදුවිය හැකි බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =