අද ජිනීවා රැස් වේ. අරගලය වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ සහ ශෙහාන් මාලක අද සමුළුව අමතති.

0
445

අද ජිනීවා රැස් වේ.
අරගලය වෙනුවෙන්
නීතීඥ නුවන් බෝපගේ සහ
ශෙහාන් මාලක අද සමුළුව අමතති.


අද එනම් සැප්තැම්බර් මාසයේ 12 වන දා සිට ඔක්තෝබර් 07 වන දා දක්වා ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැස්වීමට නියමිත ය.

මෙම සමුළුවට ගාළුමුවදොර අරගලය නියෝජනය කරමින් ඉදිරිපෙළ අරගලකරුවන් දෙදෙනෙකු සහභාගී වන බව වාර්තා වේ.

එක් අයෙකු වන්නේ නීතීඥ නුවන් බෝපගේ වන අතර අනෙක් තැනැත්තා වන්නේ ෂෙහාන් මාලක ගමගේ ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදගලිගේ ඇතුළු පිරිස අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීම සහ අරගලය මර්දනය කිරීම සදහා රජය ක්‍රියාත්මක කර තිබෙන සැලසුම් පිළිබදව ඔවුන් ලෝක අවධානය යොමු කරවීමට මෙම සමුළුව හරහා උත්සාහ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 3 =