අද පස්වරු පහට පෙර ගෝඨා ගෝ ගම අරගල භූමියෙන් ඉවත් වන්නැයි පොලිසිය කල නියෝගය අධිකරණය බල රහිත කරයි.

0
1150

අද පස්වරු පහට පෙර
ගෝඨා ගෝ ගම අරගල භූමියෙන්
ඉවත් වන්නැයි පොලිසිය කල නියෝගය
අධිකරණය බල රහිත කරයි.

අද, එනම් අගෝස්තු මාසයේ පස්වනදා පස්වරු පහට පෙර ගෝඨා ගම අරගල භූමියෙන් ඉවත්වන ලෙසට පොලිසය නිකුත් කර තිබුණු නියෝගය බලරහිත කිරීමට අධිකරණය කටයුතු කර තිබේ.

අදාල නීතිමය පියවර ගැනීමකින් තොරව, අගෝස්තු දහ වන දා දක්වා, ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඉදිකර තිබෙන අනවසර ඉදි කිරීම් ඉවත් නොකරන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් වහාම පොලිස්පතිවරයා දැනුම්වත් කරන බවද නීතිපතියරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අභියාචනාධිරකණය හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත්, ස්වේච්ඡුාවෙන් අරගල භූමියෙන් ඉවත්වීමට අදහස් කරන අයට අරගල භූමියෙන් ඉවත් වීමට මේ තත්ත්වයක් බාදාවක් නොවන බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 14 =