අද මධ්‍යම රාත්‍රියේ සිට
ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට.
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ අනුව මෙතෙක් ලීටරය රුපියල් 415කට අලෙවි වූ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 දක්වා ඉහළ යයි.
එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 340 සිට රුපියල් 365 දක්වා ඉහළ යයි.
අනෙකුත් ඉන්ධන වර්ග සදහා මිල වැඩි වීමක් හෝ මිල අඩු වීමක් සිදු නොවේ.