අද මහ සිකුරාදා..! යේසුස්ගේ දුක්ඛප්‍රාප්තිය වෙනුවෙන් ඔවුහු සැබෑවටම කුරුසපත් වෙති..!

0
123

අද මහ සිකුරාදා..!
යේසුස්ගේ දුක්ඛප්‍රාප්තිය වෙනුවෙන්
ඔවුහු සැබෑවටම කුරුසපත් වෙති..!

මහ සිකුරාදා, ක්‍රිස්තූස් වහන්සේගේ කුරුසපත් වීම සිහිකරමින් පිලිපීන ජාතිකයන් අට දෙනෙකු සැබැවින්ම ඔවුන්ගේ සිරුරු ක-ුරුස ගස මත තබා ඇන ගැසීමට ලක්කර තිබේ.

මෙය කතෝලික පල්ලියේ අනුමැතියකින් තොරව සිදුකර තිබෙන ක්‍රියාවකි.

කුරුසපත්වීම සදහා පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් ඉදිරිපත් වී තිබුණද, අද දිනයේ දී කුරුසපත් වීම සිදුකර තිබෙන්නේ අට දෙනෙකු විසින් පමණක් බව පැවසේ.

පිලිපීනයේ ගොවි ගම්මානයක මිනිසුන් විසින් කලක පටන් සම්ප්‍රදායක් ලෙස මෙය සිදුකරමින් පැමිණ තිබෙන අතර කොවිඩ් වසංගතය හේතුවෙන් වසර තුනක කාලයක් එය අත්හිටුවා තිබී ඇත.

කුරුසපත් වීම නැරඹීම සදහා සිය ගණන් පිරිස් රැස්ව සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × one =