අද මැතිවරණ කොමිසම කාර්යබහුලයි. මුදල් අමාත්‍යංශ ලේකම් සමඟ එක හමුවක්. විපක්ෂ මන්ත්‍රීවරු සමඟ තව හමුවක්…!

0
178

අද මැතිවරණ කොමිසම කාර්යබහුලයි.
මුදල් අමාත්‍යංශ ලේකම් සමඟ එක හමුවක්.
විපක්ෂ මන්ත්‍රීවරු සමඟ තව හමුවක්…!

පලාත් පාලන මැතිවරණයට අදාලවන පරිදි පසුගිය සිකුරාදා දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසුව මැතිවරණ කොමිසම අද දිනයේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම්, රජයේ මුද්රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවට කැදවා තිබේ.

මාර්තු නම වන දාට ප්‍රකාශ කර තිබුණු මැතිවරණය දින නියමයක් නැතිව කල් දැමීමට සිදු වූවේ මෙකී රාජ්‍ය නිළධාරීන්ගෙන් අවශ්‍ය සහාය මැතිවරණ කොමිසමට නොලැබීම හේතුවෙනි.

සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකණය තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමග විපක්ෂය මාර්තු දහ නම වන දා හෝ ඊට පෙර මැතිවරණය පැවැත්විය යුතු යැයි බල කරමින් සිටියි.

ඒ අතර මැතිවරණ කොමිසම සමග විපක්ෂ නියෝජිතයන් අද දිනයේ දී සාච්ඡාවක් ඉල්ලා ඇති බවත් මැතිවරණ කොමිසම ඊට අනුමැතිය ලබා දී ඇති බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 14 =