අද විරෝධතාවයට අවසර නෑ.
පොලිසිය කියයි.
ප්‍රධාන සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පෙරටුගාමීසමාජවාදී පක්ෂය ඇතුළුව තවත් දේශපාලන පක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් සහ වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංගම් රැසක් එක්ව අද දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන විරෝධතාවය සදහා අවසර ලබා දිය නොහැකි බව පොලිසිය දැනුම් දී තිබේ.
විශේෂයෙන්ම කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ හෝ ඒ ආසන්න වෙනත් තැනක විරෝධය සදහා අවසර නොදෙන බවයි පොලිසිය නිවේදනය කර තිබෙන්නේ.
සේවය නිමවී යන නිවෙස් බලා යට මහජනතාව පීඩාවට පත් විය හැකි බවත් ඊට අමතරව ව්‍යාපාරික කටයුතුවලට බාධා විය හැකි බවත් පවසමින් පොලිසිය සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.
විරෝධතාවයේ දී භාවිතා කරනු ලබන ශබ්ද විකාශන යන්ත්‍ර සදහා සංවිධායකයන් විසින් මේ දක්වා අවසර ගෙන නැති බවද පොලිසිය පවසයි.