අද විරෝධය නවත්වන්න.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඉල්ලයි.
ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්
සජබ-ශ්‍රීලනිප සහ පෙරටුගාමියෝ
පාරට බසිති.
අද දිනයේ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති එක්ව පැවැත්වීමට සංවිධානය කර තිබෙන විරෝධතාවය නොපවත්වන ලෙස ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු ප්‍රධාන වාණිජ මණ්ඩල හයක් විසින් ඉල්ලා තිබේ.
භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබදව අවබෝධයක් ඇති නමුත් මේ මොහොතේ සිදුකරන ඕනෑම අස්ථාවර ක්‍රියාවකින් ආර්ථියට ඇතිවිය හැකි බලපෑම පිළිබද සැලකිල්ලට ගනිමින් තමන් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බව වාණිජ මණ්ඩල විසින් නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන් ය.
කෙසේ වෙතත් අද දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතාවය සදහා නිසැක වශයෙන්ම තමන් සහභාගී වන බව ප්‍රධාන විපක්ෂය වන සජබය පවසයි.
සජබ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය උද්ඝෝෂණය සදහා සහභාගී වන ප්‍රධාන දේශපාලන පක්ෂ වන අතර ලංකා ගුරු සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති රැසක් අද උද්ඝෝෂනය සදහා සහභාගී වීමට නියමිත ය.