අද සිට නව මහබැංකු පනත ක්‍රියාත්මකයි.
හිතූ හිතූ ලෙස මුදල් අච්චු ගහන්න මින් පසු බෑ.
මහබැංකුවේ ස්වාධීනත්වය, වගවීම සහ මිල ස්ථායීතාව තහවුරු කිරීම අරමුණු කරගත් නව මහබැංකු පනත අද සිට බලාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසයි.
නව මහබැංකු පනතට අනුව, ශ්‍රී ලංකා මහබැංකුව සතු මුදල් මුද්රණය කිරීමේ හැකියාව සීමා වේ.
ජාතික ආරක්ෂාව හෝ ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් වැනි විශේෂ තත්ත්වයක දී පමණක් මුදල් මුද්රණය කිරීමේ හැකියාව මහබැංකුවට හිමිවේ.
නියමිත උද්ධමන ඉලක්ක සපුරා ගැනීම මහ බැංකුවේ වගකීම වන අතර, එසේ සිදු කිරීමට අපොහොසත් වුවහොත්, එසේ වුවේ මන්දැයි කරුණු පැහැදිලි කිරීමට මහබැංකුවට සිදු වේ.
මහබැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ බලය භාණ්ඩාගාර ලේකම්වරයාට අහිමි වන අතර, මහබැංකුව සදහා සිදුකරන පත්කිරීම් වල දී ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතුව තිබේ.