අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ
මුදල් අමාත්‍යංශ ලේකම්ට නඩුවක්…!
පලාත් පාලන මැතිවරණය සදහා පසුගිය අයවැය යෝජනා මගින් වෙන් කර තිබෙන මුදල් මුදා හරින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පවරන බව සමගි ජන බලවේගය මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයන් මේ බව දැනටමත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇති බව පැවසේ.
පලාත් පාලන මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර පසුගිය මාර්තු තුන්වන දා ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාල නියෝගය ලබා දුන්නේ ය. ඒ අනුව පලාත් පාලන මැතිවරණය සදහා වෙන්කර තිබෙන මුදල් මුදාහරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර තිබුණි.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව රන්ජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් ඔහුගේ නීතීඥයන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.