අධිකරණයට අපහාස කිරීම;
සනත් නිශාන්තට එරෙහි පෙත්සම
අද කැදවයි…!
පසුගිය අගෝස්තු මාසයේ 22 වන දා පොහොට්ටු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකරන ලද බවට චෝදනා කරමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද විභාගයට ගැනීමට නියමිත ය.
සනත් නිශාන්තට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ නීතීඥ ප්‍රියලාල් සිරිසේන මහතා විසිනි.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටීමට නියමිත ය.