අධිකරණයට අපහාස කිරීම;
සනත් නිශාන්තගේ නඩුව
ජූනි 27 වන දා විභාගයට ගනී.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනු කර තිබෙන නඩු ජූනි මාසයේ 27 වන දා විභාගයට ගන්නා බව අභියාචනාධිකරණය දැනුම් දී තිබේ.
2022 වසරේ අගෝස්තු විසි තුන්වන දා පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද ඇතැම් ප්‍රකාශ හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට යෝජනා කරමින් පාර්ශ්ව තුනක් ඔහුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.