අධිකරණයෙන් වරදකරුවකු වූ බැවින් රාහුල් ගාන්ධී මන්ත්‍රී ධූරයෙන් ද ඉවත් කරයි.

0
122

අධිකරණයෙන් වරදකරුවකු වූ බැවින්
රාහුල් ගාන්ධී මන්ත්‍රී ධූරයෙන් ද ඉවත් කරයි.

ඊයේ දිනයේ දී සාපරාධි අපහාස නීතිය යටතේ අධිකරණය මගින් වරදකරුවකු බවට නම් කරන ලද කොන්ග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධී මන්ත්‍රී ධූරයෙන් ද ඉවත් කර දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මාර්තු 23 වන දා සිට බලපැවැත්වෙන පරිදි රාහුල් ගාන්ධි මන්ත්‍රී ධූරයෙන් ඉවත් කළ බව ලෝක් සභා මහලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.

2019 වසරේ මහජන රැස්වීමක දී හොරුන්ට මෝදි යන වාසගම ඇතැයි ඔහු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිට එරෙහිව අපහාස නඩුවක් වැටී තිබුණු අතර ඊයේ දිනයේ දී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් විය.

ඒ අනුව වසර දෙකක සිරදඩුවමකට ඔහු යටත්ව තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ දඩුවම දින තිහකට අත්හිටුවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − four =