අධිකරණය අපහාස කිරීම; සනත් නිශාන්තගේ නඩුව ජනවාරි 31..!

0
121

අධිකරණය අපහාස කිරීම;
සනත් නිශාන්තගේ නඩුව
ජනවාරි 31..!


අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් තුනක්, ලබන ජනවාරි මාසයේ 31 වන දා විභාගයට ගන්නා බව අභියාචනාධිකරණය අද නිවේදනය කලේ ය.

පසුගිය වසරේ පැවති මහජන අරගලයේ දී, අරගලයට සම්බන්ධ වූ සැකකරුවන්ට ඇප ලබා දීමේ දී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය වරයා සිදු කළ ප්‍රකාශ, අධිකරණයට අපහාසයක් බව යෝජනා කරමින් ඔහුට එරෙහිව නඩු පැවරීම සිදු කර තිබුණි.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටු පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්, අධිකරණ විනිසුරුවරු සම්බන්ධයෙන් එම ආන්දෝලනාත්මක අදහස් දැක්වීම රාජ්‍ය අමාත්‍යවරයා සිදුකර තිබුනේ 2022 වසරේ අගෝස්තු 23 හෝ ඊට ආසන්න දිනයක දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − 6 =