අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව රිවස් කිරීමේ සූදානමක්…?

0
804

අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව
රිවස් කිරීමේ සූදානමක්…?


කොළඹ නගරයේ ප්‍රදේශ රැසක් ආවරණයවන පරිදි අධිආරක්ෂිත කලාප නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් නිවේදනය ආපසු හකු-ළා ගැනීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

අධි ආරක්ෂිත කලාප නම් කිරීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දීමෙන් පසුව ජනාධිපතිවරයා ඒ පිළිබදව යළි සලකා බැලීමට තීරණය කර තිබෙන බව පැවසේ.

අධිආරක්ෂිත කලාප නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීම පිළිබදව සොයා බලන ලෙස ජනාධිපතිවරයා නීතිපතිට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

ජපාන හා පිලිපීන සංචාර අවසන් කර ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණීමෙන් පසුව අදාල ගැසට් නිවේදනය අවලංගු කිරීමේ සූදානමක් ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − five =