අධි ආරක්ෂිත කලාප නම් කිරීම
එක්සත් ජාතීන්ගේ කණස්සල්ලට…!
ජනතාව එක්රැස්වීම වළකාලමින් අධි ආරක්ෂිත කලාප නම් කිරීම පිළිබදව තම අවධානය යොමු වී ඇතැයි ‘සමාගමයට ඇති නිදහස පිළිබද එක්සත් ජාතීන්ගේ වාර්තාකරු’ [UN Special Rapporteur for Freedom of Association] ක්ලෙමන්ට් වවුලේ [Clement Voule] මහතා පවසයි.
අධිආරක්ෂිත කලාප නම් කිරීම සමාගමයේ නිදහස සදහා ඇති අයිතිය උල්ලංඝණය කිරීමක් බව පවසන ඒ මහතා විරෝධතා දැක්වීම සදහා ජනතාවට ඇති අයිතියට ශ්‍රී ලංකා බළධාරීන් ගරු කළ යුතු බවද අවධාරණය කරයි.
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.