‘අන්තරේ මුදලිගේ ඇතුළු තිදෙනාට එරෙහි
රැදවුම් නියෝගයට අත්සන් නොකරන ලෙස
ජනපති රනිල්ගෙන් ඉල්ලා සිටිනවා.’
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිධම්ම හිමි යන අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ගැනීම සදහා පොලිසිය විසින් ඉදිරිපත් කර තිබෙන රැදවුම් නියෝගයට අත්සන් නොකරන ලෙස මානවහිමිකම් ආරක්ෂකයන් පිළිබදව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මේරි ලෝලර් මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
විශේෂ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ ඉල්ලිම සිදු කර තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අදාල රැදවුම් නියෝගයට අත්සන් තැබුවහොත් එය ශ්‍රී ලංකාවට අදුරු දිනයක් වනු ඇති බවත් ඇය පවසයි.