අන්තරේ සිරිධම්ම හිමිට ඇප..!
මුදලිගේ තවමත් ඇතුලේ…!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දින අසූ නමයක් රැදවුම් භාරයේ තබාගෙන සිට – පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇප මත මුදා හැර තිබේ.
නීතිපතිගේ උපදෙස් මත කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ඊට අදාල නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.
සිරිධම්ම හිමි සමගම අත් අඩංගුවට ගෙන, එහිමියන් මෙන්ම, පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මෙතෙක් මුදා හැර නැත.