අනුරපුර රෝහලේ ළමා වාට්ටුව වසා දැමී ම.

0
115

අනුරපුර රෝහලේ ළමා වාට්ටුව වසා දැමීම;

විශේෂඥ වෛද්‍යවරු 4 දෙනා
රට අතහැර යන්නම ගිහින්.

අනුරාධපුර මහ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු සිව් දෙනාම රට හැර ගොස් ඇති බවත්, එම හේතුව මත අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධානතම ළමා වාට්ටුව වසා දමා ඇති බවත් වාර්තා වේ.

අදාල ළමා වාට්ටුව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඒකකට සම්බන්ධ ළමා වාට්ටුවක් බවත්, වාට්ටුව වසා දැමීම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ උගෙනුම ලබන වෛද්‍යසිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද අහිමි වී තිබේ.

වාට්ටුව වසා දමන අවස්ථාවේ දී එම වාට්ටුව හා සම්බන්ධ වී රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් 210 දෙනෙකු පුහුණුව ලබමින් සිට ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වය අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම මහ රෝහල හැරුණු කොට වෙනත් කිසිම රෝහලට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු නැති බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × one =