‘අනුරාධපුරේ පවුල් 13,000 ක් කෑම අහේනියක. දරුවෝ 900 ක් උග්‍ර මන්දපෝෂණයේ.’ ලංකාදීප වාර්තා කරයි.

0
106

‘අනුරාධපුරේ පවුල් 13,000 ක්
කෑම අහේනියක.
දරුවෝ 900 ක් උග්‍ර මන්දපෝෂණයේ.’
ලංකාදීප වාර්තා කරයි.


අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පවුල් 13,000 කට වැඩි පිරිසක් කෑම අහේනියක සිටින බවත් දරුවන් නමසියයකට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවත් අනුරාධපුර දිස්ත්‍රික් සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා විසින් ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සදහාවන උතුරුමැද පලාත් සැලසුම් කමිටුව හමුවේ හෙළිකර තිබෙන බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන ලංකාදීප පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක පවුල් දෙලක්ෂ හතලිස් අට දහසක් සිටින බවත් එම පවුල් අතරින් පවුල් 13,597 ක් මෙසේ ආහාර අහේනියකින් පෙළෙන් බවත් ඒ මහතා පවසා තිබේ.

ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ දැඩි මන්දපෝෂණ තත්ත්වයෙන් පෙලෙන දරුවන් 900 දෙනෙකු පමණ සිටින බවද ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + twelve =