අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 30 ක් සහ විශේෂඥ වෛද්‍යවරු 25 ක් රට හැර යති.

0
252

අනුරාධපුර ශික්ෂණ රෝහලේ
වෛද්‍යවරු 30 ක් සහ විශේෂඥ
වෛද්‍යවරු 25 ක් රට හැර යති.


අනුරාධපුර ශික්ෂණ රෝහලට අනුයුක්තව සිටි වෛද්‍යවරු තිහක් සහ විශේෂඥ වෛද්‍යවරු විසි පස් දෙනෙක්, මේ වන විට රට හැර ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

ඊට අමතරව, දිස්ත්‍රික්කය තුළ පවතින අනෙකුත් රෝහල්වල සේවය කළ වෛද්‍යවරු තිස් දෙනෙකුද රට හැර ගොස් තිබේ.
මේ තත්ත්වය මත අනුරාධ පුර දිස්ත්‍රික්කයේ රෝහල් අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව ඇති බව පවසන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම්, වෛද්‍ය අජන්ත රාජකරුණා පවසයි.

වෛද්‍යවරු රට හැර යාම වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් රජයට භාර දී ඇතත්, රජය මේ දක්වා අවශ්‍ය පියවර ගැනීමට කිසිදු උත්සාහයක් දරා නැතැයි වෛද්‍ය අජන්ත රාජකරුණ මහතා චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 8 =