කාන්චන – බන්දුල -සහ දිලුම් ට පසුව
අලි සබ්‍රිත්…!
අපට එතුමා ගැන තිබුණේ
වැරදි අවබෝධයක්…!
ජනපති රනිල් පසසමින් ඇමති අලි සබ්‍රි කියයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තමන්ට තිබුණේ වැරදි අවබෝධයක් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
පසුගිය සදුදා දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ තුන්සිය හැට වැඩසටහන හා එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
තමන් කදවුර අත හැර යන අයෙකු නොවන බව පවසන අමාත්‍යවරයා, ඒ නමුත්, නායකත්වය සදහා රනිල් වික්‍රමසිංහ මහතා තරම් සුදුසු වෙනත් අයකු තමන්ට නොපෙනෙන බව ද පැවසී ය.
මීට පෙර දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ 360 වැඩසටහනකටම සහභාගී වෙමින් අමාත්‍ය කාන්චන විජේසේකර මහතා ද ජනපති රනිල් මහත් ඉහළින් පැසසුවේ ය.
පොහොට්ටුවේ මීළග ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනපති රනිල් ඉදිරිපත් කළ යුතු බවට වන මතයක් පක්ෂයේ ඇතැම් පිරිස් තුළ ඇති බව මුල් වරට ප්‍රකාශ කර සිටියේ ඔහු විසිනි.
ඔහුගේ එම ප්‍රකාශය අනුමත අනුමත කරමින්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද ජනපති රනිල් අවංක සහ නිර්භීත නායකයෙකු බව පැවසී ය.
ඉන් පසුව මහනුවර පැවති කිසියම් උත්සව අවස්ථාවකට සහභාවී වෙමින් දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයාද පක්ෂය කුමන තීරණයක් ගත්තද ඉදිරි ජනාධිපතිවරණයකදී තමන්ගේ සහාය නිසැක වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව පවසා සිටියේය.