‘අප්‍රිකාවෙන් පිටත
සෆාරි යාමට සුදුසුම රටවල් අතර
ලංකාව ඉහළින්ම තිබේ.’
ෆෝර්බ්ස් සඟරාව ලෝකයට කියයි.
වයිල්ඩ් ලයිෆ් සෆාරි සදහා අප්‍රිකාවෙන් පිටත සංචාරය කිරීමට කැමති ඕනෑම අයෙකුට ඊට සුදුසුම රටවල් අතර ලංකාවද ඉහළින්ම තිබෙන බව ලෝ ප්‍රකට ෆෝර්බ්ස් සගරාව නම් කරයි.
ඉන්දියාව – එක්සත් ජනපදය සහ ඕස්ටේ්‍රලියාව – අතරට ෆෝර්බ්ස් සගරාව ලංකාව නම්කර තිබේ.
ලංකාවේ දී දිවියන් නැරඹීමට ලැබෙන අවස්ථාව පිලිබදව විශේෂයෙන්ම සදහන් කර තිබෙන අතර අලි – මොණරු – වදුරන් සහ වළස්සු පිළිබදවද සගරාව වාර්තා කරයි.
ඊටත් වඩා වැඩියෙන් ඔවුන් ලංකාවේ දී නිල් තල්මසුන් දැක බලා ගැනීමට ලැබෙන අවස්ථාව පිළිබදව විශේෂයෙන් සදහන් කර තිබේ.