අප්‍රේල් මුල් දින 16 ට
සංචාරකයෝ 56,000 ක් පැමිණෙති.
මේ වසරේ මේ දක්වා පැමිණ තිබෙන සංචාරකයන සංඛ්‍යාව
හාර ලක්ෂයට ආසන්නයි.
අප්‍රේල් පළමුවැනිදා සිට 16 වන දා දක්වා වූ කාලය තුළ විදේශීය සංචාරකයන් පනස් හය දහස් හාරසිය දෙදෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මේ වසර ත-ුළ මේ දක්වා පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 392,018 කි.
අප්‍රේල් මාසයේ දිවයිනට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. දෙවනුවට රුසියාවෙන් වන අතර, එක්සත් රාජධානිය සහ ජර්මනිය, පිළිවෙළින් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණෙන අනෙක් රටවල් වේ.