අප්‍රේල් 13-14-15 දින තුනට මනුෂ්‍ය ඝාතන 07 ක්, දියේ ගිලී මිය යාම් 04 ක්, රිය අනතුරුවලින් මිය යාම් 06 ක්, වාර්තා වේ.

0
76

අප්‍රේල් 13-14-15 දින තුනට
මනුෂ්‍ය ඝාතන 07 ක්,
දියේ ගිලී මිය යාම් 04 ක්,
රිය අනතුරුවලින් මිය යාම් 06 ක්,
වාර්තා වේ.


අප්‍රේල් 13,14,15 යන දින තුළ දී මනුෂ්‍ය ඝාතන හතක්, දියේ ගිලී මියයාමේ සිදුවීම් 04 ක් සහ රින අනතුරුවලින් සිදු වූ මරණ 06 ක් පිළිබදව වාර්තා වී ඇතැයි, පොලිස් මූලස්ථාන වාර්තා උපුටා දක්වමින් දිවයින පුවත්පත හෙළි කර තිබේ.

මනුෂ්‍ය ඝාතන අතර ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා 26 හැවිරිදි කාන්තාවක මියයෑම, බදුල්ල කහටරුප්ප ප්‍රදේශයේ බීමත් පියකු විසින් සිය මවට පහරදීමට යෑමේදී පුතා විසින් පහරදීම නිසා 57 හැවිරිදි පියා මියයෑම,

එරාවුර් ප්‍රදේශයේ පවුල් ආරවුලක් නිසා සැමියා විසින් 62 හැවිරිදි බිරිඳ තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීම, ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු ඩී.ජේ. සංදර්ශනයකදී වෙඩි තැබීමකින් 18 හැවිරිදි සහ 36 හැවිරිදි දෙදෙනකු මියයෑම, අහුන්ගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයකු මියයෑම සහ සීදුව රාජපක්‍ෂපුර වෙඩි තැබීමකින් 45 හැවිරිදි පුද්ගලයකු මියයෑම වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + 19 =