“අපිට ඕනෙනම් අපි මේ ආණ්ඩුව පෙරළනවා..!” එස්.බී.

0
196

“අපිට ඕනෙනම්
අපි මේ ආණ්ඩුව
පෙරළනවා..!”
එස්.බී.

අවශ්‍යනම්, මේ රජය පෙරලා දැමීමට තමන්ට හැකි බව පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනේ දී, සෞඛ්‍ය අමාත්‍ය වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට උත්තර දෙමින් ඔහු ඒ බව පැවසී ය.

අයවැය පරාජය කිරීම හෝ වෙනත් පනතක් සම්මත කිරීමට ඉඩ නොදීම හෝ හරහා එය කළ හැකි බව පැවසූ මන්ත්‍රීවරයා, ඒ නමුත්, තමන් එවැනි පියවරක් නොගන්නා බව ද පැවසී ය.

කෙසේ වෙතත්, ආර්ථික අර්බුදය හමුවේ රට භාරගත් ජනාධිපතිවරයා, රට ඉදිරියට ගෙන යන ආකාරය සම්බන්ධයෙන් තමන්ට පැහැදීමක් තිබෙන බවද මන්ත්‍රීවරයා පවසයි.

බටහිර රටවල් මෙන්ම, චීනය, ඉන්දියාව සහ ජපානය සමගද යහපත් සම්බන්ධයක් පවත්වාගෙන යමින් ජනාධිපතිවරයා යන ගමන සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැසසුමට ලක් කලේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − two =