“අපිට කවුරුවත් සල්ලි දෙන්නෑ..!මෙතනින් එහාට තවත් සල්ලි එන මාර්ග නෑ.ජපානය දෙන්නෙත් නෑ.”ආචාර්ය හර්ෂද සිල්වා.

0
50

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නගා ඒ බව ජාත්‍යන්තරයට ප්‍රකාශ කරන තෙක් තවත් කිසිදු මූල්‍ය ආධාරයක් ලංකාවට නොලැබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මේ වන විට රටේ ආර්ථිකය ගොඩ දැමීම භාරගෙන ඇති විවිධ පාර්ශ්වයන් ඉතා ඈත අනාගතයක් පිළිබදව කතා කරන නමුත්, සැබෑ අභියෝගය වන්නේ ඉදිරි දින 90 තුළ රටට අවශ්‍ය ඉන්ධන – ගෑස් සහ ඖෂධ ලබා ගැනීම සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

හිගන්නන්ට දෙන තරමටවත් කිසිවෙකු අපට මුදල් නොදෙන බව පවසන මන්ත්‍රීවරයා, මෙතනින් එහාට තවත් මුදල් ලැබෙන මාර්ගයක් නැති බවත්, ජපානය මුදල් නොදෙන බව සෘජුවම ප්‍රකාශ කර ඇති බවත් පවසයි.

හෙඩ් ලයින් නිවුස් එක්ස්ලූසිව් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ අදහස් පළ කර සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 16 =