“අපිත් හැකි සෑම දෙයක්ම කලා..! බදු අඩු කර ගැනීම සදහා අයි.එම්.එෆ්. සමග ඔබ කරන සාකච්ඡා සාර්ථක වේවා යැයි පතනවා.” ඇමති සියඹලාපිටියවෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි.

0
241

“අපිත් හැකි සෑම දෙයක්ම කලා..!
බදු අඩු කර ගැනීම සදහා
අයි.එම්.එෆ්. සමග ඔබ කරන සාකච්ඡා
සාර්ථක වේවා යැයි පතනවා.”
ඇමති සියඹලාපිටිය
වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි.

බදු සහන ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද දිනයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමු වීමට නියමිත ය.

ඒ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට සිය ඉල්ලීම් සදහා විසදුමක් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම්, වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට තමන්ට සිදුවන බවද වෘත්තීය සමිති නියෝජිතයෝ රජයට අනතුරු හගවා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සිදුවන අවස්ථාවේ දී වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඉදිරිපත් කර තිබෙන බදු සහන සම්බන්ධයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවක දී තමන්ට පොරොන්දු වී ඇති බව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

ජනාධිපතිවරයා, තමන්ට ලබා දුන් ඒ පොරොන්දුව අනුව කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව පවසන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ, එසේ නොවුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග කරා යාම හැර වෙනත් විකල්පයක් නැති බවද පවසයි.

කෙසේ වෙතත්, අද දිනයේ දී වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුනගැසීමට නියමිත ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ, තමන්ගේ පාර්ශ්වයෙන් අදාල ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනටමත් ඉදිරිපත් කර තිබෙන බවයි. කෙසේ වෙතත්, වෘත්තීය සමිති නියෝජිතයන්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමු වී, ඔවුන්ගේ ඉල්ලීම් සදහා එකගතාවයක් ලබා ගැනීමට උත්සාහ කිරීම තමන් සුබවාදීව භාර ගන්නා ලෙසද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × two =