‘අපි ඡන්දෙට ලෑස්තියි.’ පොහොට්ටු පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයෝ ජනපතිට කියති.

0
138

අපි ඡන්දෙට ලෑස්තියි.
පොහොට්ටු පක්ෂයේ පළාත් පාලන
ආයතන නියෝජිතයෝ
ජනපතිට කියති.

පොහොට්ටු පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් පසුගිය බදාදා දිනයේ දී සිදුව ඇති අතර එහිදී තමන් පුංචි ඡන්දයට සූදානම් බව එම නියෝජිතයන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

පළාත් පාලන ආයතන නියෝජිතයන් ජනාධිපතිවරයා වෙත රැගෙන ගොස් ඇත්තේ පොහොට්ටු පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් විසිනි.

ඡන්දය පැවැත්වෙන කාලයේ දී ඉන්ධන හෝ ගෑස් හිගයක් ඇති වීමට ඉඩ නොතබන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 12 =