අපි නැවත මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් අපේම රජයක් පිහිටුවනවා…!

0
315

පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ
තව අවුරුදු දෙක හමාරකින්…!
අපි නැවත මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්
අපේම රජයක් පිහිටුවනවා…!


ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වීමට තමත් වසර දෙක හමාරක කාලයක් තිබෙන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසයි.

ලබන වසරේ මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් එම බලය භාවිතා කරමින් පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු යැයි විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ තවත් සංවිධාන රැසක් ජනාධිපතිවරයාට බලකරමින් සිටින තත්ත්වයක් තුළයි හිටපු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කර තිබෙන්නේ.

පොහොට්ටු පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරීම සදහා නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මහනුවර පැවති සමුළුවක් අමාත්‍යවරයා මේ බව පවසා තිබුණි.

රට මුහුණ දී තිබෙන වත්මන් අර්බුදය දෙසැම්බරය වන විට අවසන් වේ යැයි තමන් සිතන බවද අමාත්‍යවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 15 =