‘අපි පත්කරපු ජනාධිපති
අපිට ඕනෑ විදිහට හැසිරෙන්ඩ ඕනේ..!’
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරය සදහා පත් කළේ තම පක්ෂය බවත් ඒ නිසා ඔහු තම පක්ෂයට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බවත් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ රාත්‍රියේ හිරු නාලිකාවේ විකාශය වූ බලය වැඩසටහනට සහභාගී වෙමිනි.
වැඩසටහන සදහා සහභාගී වී සිටි සජබ මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැසිරෙන්නේ රාජපක්ෂවරුන්ට උවමනා ලෙස යැයි චෝදනා කළ විට සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කිසිදු පැකිළීමකින් තොරව එය පිළිගත්තේ ය. තවමත් බලය තිබෙන්නේ පොහොට්ටු පක්ෂයට බව පැවසූ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා හෙට නැවත ඡන්දයකට ගියත් ඒ බලය පෙන්වීමට තමන් සූදානම් බවද පැවසී ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නයි ප්‍රකාශ කළ අවස්ථාවේ දී කොන්දේසි විරහිතව එම අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යැයි කී සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් තමන්ගේ හදවත තුළ ඔහු පිළිබදව ගෞරවයක් තිබෙන බවද පැවසී ය.